මව සහ පුතු අහිරහස් ලෙස මරුට.

රත්නපුර ඇළපාත කෙහෙල්ඕවිටිගම ප්‍රදේශයේ තේ වත්තක ලයින් කාමරයක තිබී එක්දරු මවකගේ සහ ඇයගේ කුඩා පුතුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය සැකපළ කරන්නේ එම කාන්තාව විසින් සිය පුතු ඝාතනය කර අනතුරුව සියදිවි හානිකරගෙන ඇති බවටයි.

මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක් සහ වයස අවුරුදු 02ක කුඩා පිරිමි දරුවෙකි.

පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඇයගේ සැමියා මීට දින කිහිපයකට පෙර නිවසින් පිටව ගොස් ඇති බවයි.

එම මරණ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබේ.

මෘත දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත යොමුකර තිබේ.

ඇළපාත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සදහන්.
 

Exit mobile version