අවුරුදු 5ට අඩු දරුවන් සිටින අම්මලාට රට රැකියා තහංචි.

අවුරුදු පහට අඩු දරුවන් මෙරට දමා කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීම වළක්වාලමින් නව නීති ගෙන ඒමට පියවර ගන්නා බවට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසු බව වාර්තා වේ.

මීට පෙර එම වයස් සීමාව සඳහන් වූයේ අවුරුදු දෙකක් ලෙසිනි.

ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරිය මේ බව පවසා තිබේ.

කුඩා දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම ළමා අපචාර ඉහළ යාමට හේතුවක් බවත් ඇමැතිවරිය කියා සිටියාය.

ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි හත්දහස් ගණනක් තිබෙන බවත්, ඒවා පිළිබඳව සොයා බලමින් සිටින බවත් ඇය පැවසුවාය.

අපචාරයට ලක්වූ දරුවන් සහ කාන්තාවන් අධිකරණයේ පෙනී සිටීමේදී අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් සම්බන්ධ කරගෙන අධිකරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇතැයිද ඇමැතිවරිය පවසා තිබේ.

Exit mobile version