වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ .
බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළදීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ගත් ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර පසුගිය මස 25 වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බව වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව හෙට (08) දින සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .