ඊයේ (02) රාත්රී 9.30ට පමණ වාරියපොළ නගරයේ IOC ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ත්රී ජයරත්න හේරත් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයේ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් ලොරි රථයේ ගමන් ගත් පස් දෙනෙකු සහ මන්ත්රීවරයාගේ රියදුරු තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මන්ත්රීවරයා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.