පාර්ලිමේන්තුවේ අයවැයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් සියලුම මැති ඇමතිවරුන් සඳහා ලබා දෙන සංග්‍රහය මෙවර සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ වර්ජනය කර ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මන්ත්‍රී භෝජනාගාරයේදී මෙවර විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සියලු දෙනා වෙනුවෙන් සුදානම් කර තිබුණි.
මේ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම දෙමල ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන්ද සහභාගී වී තිබේ.
මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ දිවා භෝජන සංග්‍රහය ප්‍රතික්ෂේප කළ සජබ මන්ත්‍රීවරුන් සියලු දෙනා මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරයේදී දිවා ආහාරය ලබා ගැනීමද විශේෂත්වයකි.