කොළඹ හත විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට කොළඹ දකුණ අපරාධ කොට්ඨාස පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
එම සැකකරු විසින් සොරාගෙන තිබූ ජංගම දුරකථනයක් ලැප්ටොප් පරිගණකයක් සහ ගෑස් සිලින්ඩර දෙකක්ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි .