TSP රැගත්  MV INCE PACIFIC  නෞකාව ලංකාවට.

වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර මෙ.ටො 36,000ක් රැගත්  MV INCE PACIFIC නැමති  නෞකාව අද (16) අලුයම කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වේ.

වගා කන්න 03කට පසුව පැමිණි ප්‍රථම මඩ පොහොර නෞකාව මෙය වන අතර ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිත බවද සදහන් වේ.

මෙම මඩ පොහොර තොගය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. 

පොහොර තොගය යල කන්නයේ වී වගා කරන හෝ නොකරන මෙරට ලක්ෂ 12ක් පමණ වන සියලුම වී ගොවීන් හට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේම ලබා දීමට කටයුතු යොදා ඇතැ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර  ඇත්තේ.

එමෙන්ම මඩ පොහොර , යූරියා සහ MOP යන පොහොර වර්ග 03ම ගොවීන් හට ලබා දීමට කටයුතු කරන බව  කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Exit mobile version