බටපොල,දෙල්ගහබැද්ද ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (26) රාත්‍රීයේ නිවස තුළදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ බටපොල කල්‍යාණතිස්ස විදුහලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවාගේ මව විදේශගතව සිටින අතර ,ඔහු පියා සහ වැඩිමහල් සහෝදරයා සමග නිවසේ සිට ඇති බව සදහන්.
සහෝදරයා විසින් බැණවැදීම හේතුවෙන් සිත්තැවුලට පත්ව ලිපියක් ද ලියා තබා සිසුවා මෙලෙස සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
සිය බාල සහෝදරයා නිවසේ නොමැති වීම නිසා වැඩිමහල් සහෝදරයා විසින් සිදුකළ සොයා බැලීමේදී ඔහු කාමරයක ගෙල වැළලාගෙන සිටිනු දැක තිබේ.
එම අවස්ථාවේදී වහාම ඔහුව බිමට ගෙන බටපොල රෝහල වෙත ගෙනගොස් ඇති අතර රෝහල් ගතකරන විටත් සිසුවා මියගොස් සිටි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.