අයියා මල්ලීට කතුරෙන් ඇණලා.

බොරැල්ල සර්පන් ටයින් පාරේ නිවසකදී වැඩිමල් සහෝදරයා බාල  සහෝදරයාට කතුරකින් ඇණ ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 8 , බොරැල්ල සර්පන් ටයින් පාර අංක 130/ඒ 6 පදිංචිව සිටි වෙළඳ සහායකයෙකු ලෙස කටයුතු කරන අයි එච් ජයන්ත (55)  නැමැත්තෙකි

මරණකරු මත්පැන් පානය කර සිටියදී  වැඩිමහල් සහෝදරයා සමඟ ඇති වූ බහින් බස් වීමත් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර වැඩිමල් සහෝදරයා විසින් බාල සොහොයුරාගේ පපුවේ වම්පස ප්‍රදේශයට කතුරෙන් ඇණ ඇතැයි පොලීසිය සඳහන් කර තිබේ.

Exit mobile version