නාමල්ගේ පැමිණිල්ලක් යළිත් කැඳවෙයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල එළඹෙන පෙබරවාරි මස 15 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කර තිබෙන බව වාර්තා වේ .

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය පිළිබඳව මන්ත්‍රීවරයාට චෝදනාවක් එල්ල වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේ මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ අනුව ලබන පෙබරවාරි මස 15 වැනිදාට එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියම කර තිබේ.

Exit mobile version