ජාතික සුරක්ෂිතතා දිනය හෙටයි.

සුනාමි ව්‍යසනයෙන් සහ මෙරට සිදුවූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” හෙටට (26) යෙදී ඇති බව වාර්තා වේ.

2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5,000කට වැඩි පිරිසක් අතුරුදන් වූ බව සදහන්.

ඒ අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින ජාතික උත්සවයක් ලෙස සැමරුමක් සිදුකරනු ලබයි.

එහිදි සුනාමි ව්‍යසනයෙන් සහ සෙසු ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වෙනු ඇත.

හෙට සැමරෙන ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව සුනාමි පිළිබඳ පෙර දැනුම් දිය හැකි නව දුරකථන යෙදවුමක්ද හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ.

සුනාමි උවදුරු පිළිබඳ දැනුවත් කිරීමේ නව වැඩසටහනක් හෙට සිට අරඹන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ජංගම දුරකථන හරහා නාද මාලාවක් ඔස්සේ මෙම දැනුවත් කිරීම සිදුකරන බවයි.

Exit mobile version