අතරමංවූ තල්මසාට නිවැරදි මඟ පෙන්වූ නාවික හමුදාව.

කල්පිටිය ඉප්පන්තිව් දූපත සමීප කළපුවට පැමිණ තල්මසකු, මහත් පරිශ්‍රමයක් දරා යළි මුහුදට මුදා හැරිය බවට කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අඩි 35ක් පමණ දිගින් යුතු මෙම තල්මසා බ්‍රයිඩෙස් තල්මසා යන නමින් හදුන්වන්නෙකි.

සිය සංචරණ මාර්ගය වෙනස් වීමෙන් සහ කුඩා මසුන් අනුභවය පිණිස කළපු දෙසට පැමිණෙන්නට ඇති බව සදහන්.

නොගැඹුරු කළපු ජලයේ වැඩි වේලාවක් තල්මසාට රැදී සිටීමට අසීරු හෙයින් ඉමහත් වෙහෙසකින් පසු උච්චිමුණේ මෝය කටින් යළි මුහුදට මුදා හැර ඇත.

මෙම තල්මස් මෙහෙයුම සදහා කල්පිටිය වන ජීවී නිළධාරී කාර්‍ය මණ්ඩලයට, කල්පිටිය නාවික හමුදාව සහ කල්පිටිය නාරා ආයතනයේ සහාය ලැබී තිබේ.

Exit mobile version