ජල ආපදාවලට සහන පිණිස නාවික හමුදාව සීරුවෙන්.

අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් සීරුවෙන් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව එහි වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක අපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.

හදිසි ගංවතුර තත්ත්වයකදී ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් එම ආපදාවන්ගෙන් මුදවා ගැනීමට දකුණු නාවික විධානය මඟින් ගාල්ල , අකුරැස්ස , අතුරලිය සහ තවලම යන ප්‍රදේශවලට සහන කණ්ඩායම බැඟින් හා කුඹුරුපිටිය ප්‍රදේශයට සහන කණ්ඩායම් දෙකක්ද යොමුකර තිබෙන බව සඳහන්.

Exit mobile version