නිවෙස්වල බැඳ දමා සිටින ගවයින් හොරා ගෙන ගිය බව කියන නාවික හමුදා බලනැවි සෙබළෙකු ඇතුළු පුද්ගලයෝ තිදෙනෙක් මුන්දලම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.
හොරාගෙන යන ලදැයි කියන ගවයන් දෙදෙනකු සහ සොරාගත් එම ගවයන් ප්රවාහනය කිරීමට යොදාගත් බවට සැලකෙන ලොරි රථයක් ද සැකකරුවන්ගෙන් හෙළි කර ගත් තොරතුරු මත පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර බලනැවි නාවික සෙබළා යාපනය ප්රදේශයේ නාවික හමුදා කඳවුරක රාජකාරි කරන බත්තුලුඔය ප්රදේශයේ පදිංචි අයෙකි.
මුන්දලම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.