ජාතික විදුලිබල පද්ධතියට නව ධාරිතාවක්.

උමා ඔය ජල විදුලි බලාගාරයේ පළමු ඒකකයෙන් මෙම වර්ෂයේ අගෝස්තු මාසය වන විට සහ දෙවන ඒකකයෙන් සැප්තැම්බර් මාසය වන විට, විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමේ හැකියාව ලැබෙනු ඇති බව උමා ඔය ඉදිකිරීම් සමාගම ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙම ක්‍රියාවලිය නිසි පරිදි අවසන් වූ පසු ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවක් එක් වෙන බව බහුකාර්‍ය වාරිමාර්ග පහසුකම් ඉදිකිරීමේ සමාගමක් වන ෆරාබ් සමාගම සඳහන් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් වැඩි විස්තර පසුව දැනුම් දීමට නියමිතව තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව සඳහන්.

Exit mobile version