නව ආදායම් ප්‍රවර්ධන යෝජනා අද ජනපති වෙතට.

මෙරට ආදායම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ඉදිරි වැඩසටහන පිළිබඳව වන යෝජනා අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

මේ යටතේ ජනතාවට පීඩනයක් ඇති නොවන පරිද්දෙන් ආදායම් වැඩි කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් වන  යෝජනා මෙලෙස ජනාධිපතිවරයා හට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.

Exit mobile version