ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති වශයෙන් ඩබ්ලිව් . සුධර්මා කරුණාරත්න සහ සෙසු සාමාජිකයන් වශයෙන් වර්ණකුලසූරිය අයිවන් තිසේරා , ඩී.ඒ.පියසිරි දරණගම , සුමන්දිරන් සින්නකන්ඩු , ඒ.ජී.පුබුදු අසංක ගුණවංශ යන අයත් මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් සුමිත් අබේසිංහ සහ සෙසු සාමාජිකයන් වශයෙන් තුවාන් නලින් ඔසෙන් , එම්.වානදේවන් යන අයත් පත් කළ බව වාර්තා වේ.