කොමිෂන් සභා දෙකකට නව සාමාජිකයින් පත් කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති වශයෙන්  ඩබ්ලිව් . සුධර්මා කරුණාරත්න සහ සෙසු සාමාජිකයන් වශයෙන් වර්ණකුලසූරිය අයිවන් තිසේරා , ඩී.ඒ.පියසිරි දරණගම , සුමන්දිරන් සින්නකන්ඩු , ඒ.ජී.පුබුදු අසංක ගුණවංශ යන අයත් මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් සුමිත් අබේසිංහ සහ සෙසු සාමාජිකයන් වශයෙන් තුවාන් නලින් ඔසෙන් , එම්.වානදේවන් යන අයත් පත් කළ බව වාර්තා වේ.

Exit mobile version