අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා කමිටුවලට නව නිලධාරීන් පත්කෙරේ.

අද (02) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වසර 2 ක කාලයන් සඳහා සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නව සාමාජිකයින් පත් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව සෞඛ්‍ය සේවා කමිටුවේ සභාපති ධුරයට ටී.එම්.එල්.සී. සේනාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් ලෙස වෛද්‍ය හපුගොඩ මහතා සහ නිමල් සරණතිස්ස මහතා පත්කර තිබේ.

වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන් හා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ප්‍රාථමික ශ්‍රේණියට පත්කිරීම, සේවය ස්ථිර කිරීම, වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම සහ විනය කටයුතු සිදුකිරීම ඇතුළු කාර්යයන් රැසක් සෞඛ්‍ය සේවා කමිටුවට විසින් සිදුකරනු ලබන අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන සේවා කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජේ.ඒ. රංජිත් මහතා පත්කර තිබේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එම්.එන්.කේ. වීරසිංහ මහත්මිය සහ ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පත්කර ඇති බව ද වාර්තා වේ.

Exit mobile version