ගුවන් හමුදාවේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරමින් 35,000 ක ගුවන් හමුදා පිරිසෙන් 27,000ක් දක්වා අඩු කර ඇති බවත් , ගුවන් හමුදාවේ පිරිස් බලය වෙනස් කළද ගුවන් හමුදාවේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය සම්බන්ධයෙන් කිසිදු අඩුවන් සිදු වී නොමැති බවත් එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව අද (30) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ පැවති ප්‍රථම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඉදිරියේ දී එම කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය එලෙසින්ම පවතින බවත් , රජයේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් තවදුරටත් ගුවන් හමුදාව ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් කාලානුරූපීව කටයුතු කරන බවත් , නවීන තාක්ෂණය , කෘතීම බුද්ධිය භාවිතා කරමින් ඉදිරියේ දී ගුවන් හමුදාව ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් නව මාවතකට ගෙන ඒමට කටයුතු කරන බවත් ගුවන් හමුදාපති ප්‍රකාශ කර තිබේ.
ගුවන් හමුදාවේ පළමු හා ප්‍රධාන කාර්යභාර්ය ගුවන් තලය ආරක්ෂා කිරීම බවත්, ඒ වෙනුවෙන් ලබා දී ඇති මෙවලම් හා පුහුණු මිනිස් ශ්‍රමය දියුණු කරමින් ගුවන් තලය තවදුරටත් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් , සයිබර් තාක්ෂණය කටයුතු සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ අවදානය යොමුකර ඇති බවත් , ගුවන් හමුදාපතිවරයා වශයෙන් එය තමන්ගේ අංක එකේ කාර්ය බාරය බවත් ගුවන් හමුදාපතිවරයා සදහන් කරන ලදී.
තවද නියමුවන් රහිත ගුවන් යානා,ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේ පුළුල් ලෙසින් මෙහෙයුම් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවත් , විශාල වශයෙන් භට පිරිස් යොදා ගෙන සිදු කරන මෙහෙයුම් වෙනුවට නවීන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් අවට පරිසර පිළිබඳ දැනුමක් ලබාගෙන ඉතා අඩු පිරිසක් යටතේ එම මෙහෙයුම් කටයුතු කිරීමට හැකියාව ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත ගුවන් යානා භාවිතා කරමින් රථ වාහන පාලනයට අමතරව ආපදා කළමනාකරණය, මෙහෙයුම්, ඩෙංගු මර්දන , මත්ද්‍රව්‍ය පාලනය ආදී කටයුතු රැසක් වෙනුවෙන් සුවිශේෂ වූ කාර්ය බාරයක් ඉටුකරන බවත්, මිනින්දොරු දෙපාර්තමේන්තුවේ සිතියම් ගතකිරීම සදහා විශාල සේවයක් ලබා දී ඇති බවත් ගුවන් හමුදාපතිවරයා සදහන් කරන ලදී.
සාමසාධක රාජාකාරි සදහා ගුවන් හමුදාව හෙළි කොප්ටර් යානා තුනක් සහ 110 පිරිස් බලයක් සහභාගි කරවමින් ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් මේ දක්වා රජයට උපයා දී ඇති බවත් ගුවන් හමුදාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.
යුධ සමයේ භාවිතා කළ යම් යම් මුල්‍යම අපහසුතා නිසා අලුත් වැඩියා නොකළ හෙළිකොප්ටර් සහ ගුවන් යානා රජයේ උපදෙස් මත කඩිනමින් අලුත් වැඩියා කර ඉදිරියේ සාම සාධක කටයුතු සදහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත් නව ගුවන් හමුදාපතිවරයා තව දුරටත් සදහන් කර තිබේ.
ඉන් ආර්ථික වාසි මෙන්ම, ගුවන් හමුදා සාමාජිකයන්ගේ නිපුණතා ඉහළ නැංවී ගුවන් හමුදා සමාජිකයන්ගේ හැකියාවන් ජාත්‍යන්තරයට ගෙන යා හැකි බවත් , ගුවන් හමුදාවේ සියට 30 ක කාත්නා නියෝජනයක් ඉදිරියේ බලා පොරොත්තු වන බවත්, ගුවන් නියමුවරියන් බදවා ගැනීම තවදුරටත් වැඩිකර ඇති බවත් ගුවන් හමුදාපතිවරයා සදහන් කරන ලදී.
කෙසේ වුවත් හිටපු ගුවන් හමුදාපතිවරයා නීති විරෝධී ලෙස ගුවන් භටයන් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාවෙන් ඉවත් කරන ලදී.එම ගුවන් භටයන් සියලුම දෙනා ගිනිඅවි පුහුණුව ලද්දන් වේ.නීත්‍යානුකූල මාරුවලින්ද විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාවෙන් ඉවත් වුවත් , ඔවුන්ද එසේ ඉවත් වීමට බලපෑවේ එම කාලය තුළ පැවති දූෂිත සහ අධූරදර්ශී පාලනය නිසාවෙනි.
නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයන් ද ගිනි අවි පුහුණුව ලද්දන් වන අතර මතු අනාගතයේ දීද ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග අවහිර වුවහොත් ඔවුන්ද ස්ථීර වශයෙන්ම අපරාධකරුවන් බවට පත් වීමේ ප්‍රවණතාවය ද ඉහළ මට්ටමක තිබේ.ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තුළින් ඉවත් කළ යුත්තේ ද රටේ හෙට දවස ගැන සිතමින් වුවත් ගුවන් හමුදාවේ සේනා ශක්තීන් 5000 දක්වා අඩු කළ හැකිය.