දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී භාවිත කළ හැකි නව දෙමුහුන් උක් ප්‍රභේද හඳුන්වාදීම සඳහා අවශ්‍ය පර්යේෂණ මේ දිනවල සිදුකරන බවත් , උක් වගා ඉඩම් ප්‍රමාණය වැඩිකර දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ලංකා සීනි සමාගම ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහි මෙහෙයුම් නිලධාරී කැළුම් ප්‍රියංකර මහතා සදහන් කළේ සෙවණගල, පැල්වත්ත ඇතුළු රජයට අයත් සීනි කර්මාන්තශාලා හතර මගින් දැනට නිෂ්පාදනය වන්නේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 20% ක් පමණක් බවත් , ඉතිරි 80% ක ප්‍රමාණය වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන බවත් ය.