රෑට රෑට නිවෙස්වලට පැන්න හොරා අල්ලයි.

අපරාධ කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, එම සැකකරුව ඊයේ (10) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ සැකකරු කහතුඩුව හා මොරගහහේන පොලිස් වසම්වල රාත්‍රී කාලයේ නිවෙස්වලට හා වෙළෙඳසැල් බිඳ මුදල් ඇතුළු දේපළ සොරකම් කර ඇතැයි අනාවරණය වී තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 46ක් වූ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඔහු විසින් සොරකම් කරන ලද ජංගම දුරකථන දෙකක් හා තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති අතර, බස්නාහිර පළාත් දකුණ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version