නිමල් ලාන්සා හාල්මැස්සෙක්ලු – හාල්මැස්සෙක් ගැන හාල් මැස්සෙක් කතා කරයි.

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙන්නේ නම් එසේ කළ යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

නමුත් ඊට පිළිතුරු දුන්නේ හාල්මැස්සන් සේ සැලකිය හැකි නිමල් ලංසා මන්ත්‍රීවරයා බවද හෙතෙම සඳහන් කරන ලදී .

එමෙන්ම එම ප්‍රශ්නයට මැදිහත් වීමට හෝ පිළිතුරු දීමට ලංසා මන්ත්‍රීවරයාට අයිතියක් නොමැති බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version