කෙතරම් අනතුරු වුණත් කොටලීය පාලම අලුතින් හදන්න විදියක් නෑ. – බන්දුල ගුණවර්ධන.

මනම්පිටිය කොටලීය පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 300ක් ඇස්තමේන්තු කර ඇති නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය හේතුවෙන් අනතුරු සිදුවුවද එය ප්‍රතිසංස්කරණය කිරීමට මේ මොහොතේ ලංකා රජයට හැකියාවක් නොමැති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

මීට වසර 5ට පමණ පෙර මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තක්සේරු කර ක්‍රියාකාරී සැලැස්මක් සාදා තිබෙන බවද ඇමතිවරයා පෙන්වාදේ.

කෙසේ නමුත් මෙවැනි අනතුරුදායක පාලම් විශාල සංඛ්‍යාවක් රටතුල පවතින නමුත් ඒවා මේ මොහොතේ ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු කියයි.

( ලංකා සර )

Exit mobile version