නාගොඩ , බද්දේගම , නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ හෙට (17) දින සිට පස්වරු 2 දක්වා වූ කාලය තෙක් පහත්බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුරක් ඇති විය හැකි බවත් , ගිං ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බවත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසු වන ලෙසත් , එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන් ද දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.