අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති සඳහා දේශන , සම්මන්ත්රණ , වැඩමුළු සහ ඊට අමතරව අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය , බෙදා හැරීම , විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බව ප්‍රකාශ කරමින් බැනර් , අත් පත්‍රිකා , විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ද සඳහන්.
යම්කිසි අයෙකු මෙම නීති රීති උල්ලංඝනය කරනවා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම ද සිඳු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.