සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට සිට තහනම්.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති සඳහා දේශන  , සම්මන්ත්‍රණ , වැඩමුළු සහ ඊට අමතරව අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය , බෙදා හැරීම , විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බව ප්‍රකාශ කරමින් බැනර් , අත් පත්‍රිකා , විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ද සඳහන්.

යම්කිසි අයෙකු මෙම නීති රීති උල්ලංඝනය කරනවා නම් ඒ සම්බන්ධයෙන්  පැමිණිලි කිරීම ද සිඳු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Exit mobile version