රේගුව හා සම්බන්ධ තොරතුරු හා විස්තර භාවිත කරමින් ජනතාව රවටා සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව වාර්තා වේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා සඳහන් කරන්නේ, රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක පමණක් නොව රේගු නිලධාරීන්ගේ නම් පවා වංචනිකයන් විසින් යොදා ගනිමින් සිටින බවයි.
නාදුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට කිසිදිනක කටයුතු නොකරන ලෙසට ශ්‍රී ලංකා රේගුව දැනුම්දී තිබේ.
මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ කඩිනමින් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසද රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා අවධාරණය කරයි.