අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන හතරවන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට නොතීසි ලබා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර ඇති බව වාර්තා වේ.
මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටි බව සදහන්.
ඒ අනුව වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබේ.
පෙත්සම්කාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ අධිකරණයට දැනුම් දී ඇත්තේ කිසිදු නව විමර්ශනයකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව දිගින් දිගටම රඳවා ගැනීම නීතිවිරෝධී බවයි.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාළ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.