දැන් පොලිස්පති පත් කරන්නේ සති දෙකෙන් තුනෙන් ෆෝන් එකට රීලෝඩ් දානවා වගේ යැයි ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම පොලිස්පතිවරයාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇති බවත් , ඒ හේතුවෙන් පසුගිය 9 වැනිදායින් පසු ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා කවුදැයි යන්නත් ඔහු අද (19) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ප්‍රශ්න කරන ලදී .
වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා ,
” පොලිස්පතිගේ සේවා දීර්ඝය අවසන් වුණා. ඔහුට සේවා දීර්ඝය ක් දෙන්න ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒක අනුමත කළේ නැහැ. එතකොට දැන් අපේ රටේ පොලිස්පති වරයා කවුද. ඔක්තෝබර් 9 වැනිදායින් පසු ඔහුගේ දෙවැනි රීලෝඩ් එකත් අවසන් වුණා.
දැන් කවුද අපේ රටේ පොලිස්පති. දැන් ඇමතිතුමා නියෝග නිකුත් කරන්නේ කවර පොලිස්පතිවරයාටද ? “