එන්.ටී.සී. හි අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්‍ය නිවාඩු යවලා.

ජාතික ගමනා ගමන කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි එම කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.


එම කොමිසමේ සභාපතිවරයා වන ශෂි වෙල්ගම මහතා ප්‍රකාශ කළේ මිරැන්ඩා මහතාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ මූලික විමර්ෂයකින් පසුව විධිමත් පරීක්‍ෂණයක් කිරීමට නිර්දේශ කර ඇති බවත් ,  එම විධිමත් පරීක්‍ෂණයට ඒ මහතා සේවයේ සිටීම බාධාවක් වීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් , එම චෝදනා සම්බන්ධයෙන් වන වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යාංශය වෙතට යවා ඇති බවත් ය.

Exit mobile version