උඩරට දුම්රිය මාර්ගයට බාධා .

උඩරට දුම්රිය මාර්ගයට දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතරදී අද (09) උදෑසන පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇති බව වාර්තා වේ .

දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා දුම්රිය මාර්ග සේවකයන් මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති අතර මේ හේතුව නිසා උඩරට මාර්ගයේ දුම්රියයන් ධාවනය වීම ප්‍රමාද විය හැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ .

Exit mobile version