සමාජ මාධ්‍ය නියාමනයට අදාළ පනත් කෙටුම්පත ඊයේ (18) රාත්‍රියේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයාගේ නියමය පරිදි ප්‍රකාශිත මෙම ගැසට් නිවේදනයේ අරමුණ අන්තර්ජාලය හරහා පැතිරෙන ප්‍රකාශ සන්නිවේදනය තහනම් කිරීම, ව්‍යාජ ගිණුම් හරහා තොරතුරු ප්‍රචාරණය වැළැක්වීම බව සඳහන් වේ.
මේ පනත හරහා පිහිටුවීමට නියමිත කොමිෂන් සභාවක් ඔස්සේ අන්තර්ජාලය නියාමනය කිරීමට රජය තීරණය කර ඇත.
මේ හරහා අන්තර්ජාලය ඔස්සේ පවත්නා රජයන් විවේචනය කිරීම පාලනය කිරීම රජයේ අරමුණ බව මාධ්‍ය විශේෂඥයන්ගේ අදහස වී ඇත.
එම පනතෙන් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත්තේ,
- ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
- අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම,
- අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කිරීම,
- අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම,
- ආගමික හැඟීම් වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
- ආගමික හැඟීමක් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
- වංචා කිරීම, අනෙකකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම,
- සාමය කඩකිරීමක් සිදුකිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතවම නින්දා කිරීම,
- කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම,
- හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
- ළමා අපයෝජනය, වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම ආදිය යි.