ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් 60 දෙනෙකු පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් , පූර්ණ කාලීන අධ්‍යක්ෂකවරුන් , ජනාධිපති සහකාර ලේකම්වරුන් , ගණකාධිකාරීවරුන් සහ මූල්‍ය නිලධාරීන් පිරිසක් මෙලෙස පත් කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතළිස් එකේ එක ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බව සඳහන් වේ.