ජනාධිපති කාර්‍ය මණ්ඩලයට නිලධාරීන් පත් කෙරේ.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්‍ය මණ්ඩලය සඳහා නිලධාරීන් 60 දෙනෙකු පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් , පූර්ණ කාලීන අධ්‍යක්ෂකවරුන් , ජනාධිපති සහකාර ලේකම්වරුන් , ගණකාධිකාරීවරුන් සහ මූල්‍ය නිලධාරීන් පිරිසක් මෙලෙස පත් කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතළිස් එකේ එක ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති  බව සඳහන් වේ.

Exit mobile version