OIC ලා පොලිස්පතිට පස්ස පැත්ත පෙන්නයි. පොලිස්පති පොල්පිත්තක් කරයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම හේතුවෙන් දැවැන්ත බිඳ වැටීමකට ලක්ව තිබේ. අප දිගින් දිගටම ඒවා වාර්තා කර තිබෙන අතර නිසි ක්‍රම වේද සපුරන්නේ නැතිව දේශපාලන වුවමනාවන් මත උසස්ස්වීම් ලබා ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුද පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතාද නිසි ක්‍රමවේදයන්ට පිටින් ගොස් උසස් වීම් ලබා තිබෙන බව විවිධ සමාජ මාධ්‍ය වල පත්‍රිකා කිහිපයක් සංසරණය වේ. ඒවාට අනුව ඔහුද ඇතුළුව පොලිසියේ උසස් පොලිස් නිලධාරීන් ගනනාවක්ම දේශපාලන වුවමනාවන් මත උසස්වීම් ලබා තිබෙන බව අපට ලැබී තිබෙන වාර්තා වලද සදහන් වේ. SSP කීර්තිරත්න නමැති රඹුක්කන වෙඩි තැබූ නිලධාරියාද දේශපාලන වුවමනාවන් මත උසස්වීම් ලැබූ අයෙකු  බව කියවේ. කෙසේ වුවත් ඔවුන්ගේ අදක්ෂතාවය සහ ඔවුන්ගේ නීතිවිරෝදී ක්‍රියාවන් මෙරට ගිනි තැබීමට සමත් විය.

ඒ අතර මෙරට පොලිස් ස්තානාධිපතිවරුගෙන් 182 දෙනෙක්ම පොහොට්ටු දේශපාලන වුමනාවන් මත පත් වූ අය බව කියවෙන අතර එය පොලිස්පතිවරයා විසින් 2021 12 06 වැනි දින මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේඛ්ම්වරයා වෙත ලිඛිතව යවා තිබේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව,  සුද්දා හදුන්වා දීමට පෙර සිටම සුදු අධිරාජ්‍යවාදීන්ගේ පරිපාලන නීතිය මෙරටට හදුන්වා දෙමින් ඔවුන් සිදුකලේ උසස් නිලධාරියෙකු බිහිවීමට පෙර අත් දැකීම් ඇති කරවීමයි. කැඩෙට් නිලධාරීන් ලෙස හැදින් වූයේ එකල සිවිල් පාලනය පිලිබදව ඉගෙන ගන්නා නිලධාරින්ය. ඔවුන් අවුරුදු තුනක් කම්කරුවන් සේ සිටිය යුතුය.

පොලිසියට ගිය විට නීතියක් ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න පොලිස්පතිගේ වාර්තාවට අනුව පැහැදිලිය. අදක්ෂ නිලධාරීන් ගමන් කරනුයේ බලය ඇත්තෝ පසු පස්සේය. ඒ තමන්ගේ නොහැකියාවන් වසා දමා උසස්වීම් හෝ අනෙකුත් වරප්‍රසාධ වෙනුවෙනි. ඒ වෙනුවනේ පසු ගියා 9 වැනිදා රට ගිනි තැබීමට ඉඩ හැරියේද පොලිස් නිලධාරියෙක්ය. දූෂණ මෙන්ම වංචා සිදුකරනුයේද මෙසේ පත් වන ස්ථානාධිපතිවරුන්ගෙන් බහුතරයකි. නීතියක් නොදන්නා ඔවුන් නිසා ජනතාව පීඩා විඳිති.

මෙම ලිපියේ පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත් කරන ක්‍රම වේදය ඔහු විසින් පෙන්වා දී තිබේ.

එම ලිපියට අනුව, සම්මුඛ පරික්ෂනයකටවත් නොපැමිණ ස්ථානාධිපති තනතුර ලබා ගත් ප්‍රමාණය 126 ක් වන අතර සම්මුඛ පරික්ෂණවලට පැමිණ අසමත් වූ තිදෙනකු දේශපාලන බලපෑම් මත ස්ථානාධිපති තනතුරු ලබා ගෙන තිබේ.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන තිබේ. එසේම මින් පෙර ස්ථානාධිපතිවරුන් ලෙස සේවය නොකළ නිලධාරීන් 34 කි.

සමස්ත පොලිසියේම මෙසේ දේශපාලනය කරනා නිලධාරීන් නොහොත් වඩා බැරි ටාසන්ලා සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයකි. මේ පොලිසිය වනසුවේද ඔවුන්මය. ඔවුන්ගේ පැටිකිරිය කෙසේද යත් පොලිස්පතිවරයා රූකඩයක් කිරමටද ඔවුන් සමත්විය. නමුත් ඔවුන් ට වැටුප ගෙවන්නේද මෙරට ජනතවාය . තමන්ගේ ආයතනයේ ක්‍රමවේදයන් වලට ගරු නොකරනා,එසේම තම ආයතන ප්‍රධානින් රූකඩ කිරීමට තම දේශපාලන වහලුන් ජනතාව වෙනුවෙන් නීතියේ ආධිපත්‍ය සුරකින්නේ නැතිබවද අමුතුවෙන් කිව යුතු නොවේ.

පොලිස්පතිතුමනි, අදාළ ස්තානධිපතිවරුන්ගේ නාම ලේඛනයද, දේශපාලන බලපෑම් මත විවිධ නීති රේගුලාශි වෙනස් කරමින් උසස්වීම් ලබා ගෙන දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන්ගේ නාම ලේඛණයද ප්‍රසිද්ධ කිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම සමාජයට විශාල යහපතක් වනු ඇත.

Exit mobile version