තෙල් වෘත්තීය සමිති නායකයන් අනිවාර්‍ය නිවාඩු යවයි.

ඉන්ධන බෙදා හැරීම් කටයුතුවලට බාධා වන අයුරින් සහ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාව අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහය දුන් සේවකයින් අනිවාර්‍ය නිවාඩු ගැන්වීමට කළමණාකාරීත්වය තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.එමෙන්ම මොවුන් හට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්‍යන්ත සේවා පරිශ්‍රය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත් කළ බව ද එම නිවේදනයේ සදහන් .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ සේවයට වාර්තා කරන අනෙකුත් සියලුම නිලධාරීන් හරහා සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

වාර්තා වන ආකාරයට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ අද (29) උදෑසන 6 .00 ට මුතුරාජවෙල සහ කොළොන්නාව යන ප්‍රදේශවලට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි.මේ සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සහය වන බවත් ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවත්  අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version