බෙරගල බත්ගොඩ දී පස් කඳු නාය ගොස් අවහිරවී තිබූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් අද (06) දින සවස් වන විට විවෘත කර වාහන ගමනාගමනයට හැකි වන ලෙස සකස් කළ බවට බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඊයේ (05) දින සවස හතරට පමණ විශාල නාය යාමක් සිදුවී මෙම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබුණි.
ඒ අනුව පැය 24 ක පමණ කාලයක් මෙම මාර්ගය මුලුමනින්ම අවහිර වී පැවති බව සදහන්.
මාර්ගයේ පස් කඳු ඉවත් කර එක් මංතීරුවක් මේ වනවිට සකස් කර තිබේ.