කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කරලා.

බෙරගල බත්ගොඩ දී පස් කඳු නාය ගොස් අවහිරවී තිබූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් අද (06) දින සවස් වන විට විවෘත කර වාහන ගමනාගමනයට හැකි වන ලෙස සකස් කළ බවට බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඊයේ (05) දින සවස හතරට පමණ විශාල නාය යාමක් සිදුවී මෙම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබුණි.

  ඒ අනුව පැය 24 ක පමණ කාලයක් මෙම මාර්ගය මුලුමනින්ම අවහිර වී පැවති බව සදහන්.

 මාර්ගයේ පස් කඳු ඉවත් කර එක්  මංතීරුවක් මේ වනවිට සකස් කර තිබේ.

Exit mobile version