ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටී අයෙක් ජීවිතක්ෂයට .

ඊයේ (15) රාත්‍රී 11:15 ට පමණ මහව , මඩපොකුණ ප්‍රදේශයේ දී අනුරාධපුරයේ සිට කොලොන්නාව බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහව , මඩපොකුණ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි .

මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් අනතුරක් ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ .

Exit mobile version