ඉංගිරිය මහ ඉංගිරිය පිහිටි බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය හඳපාන්ගොඩ පන්සල හන්දිය පදිංචිව සිටි බන්දුල ප්‍රියන්ත ජයකොඩි නැමැති 55 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
මියගිය අය ඇළ මාර්ගයට ඉහළින් ඇති බෝක්කු කණුව මත නිදාගෙන සිටියදී බෝක්කුව තුළට වැටී මෙම මරණය සිදුවී ඇති බවට ඒ අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලක සවිකර තිබූ සීසීටීවී කැමරාව නැරඹීමේදී නිරීක්ෂණය වූ බවට පොලීසිය පවසයි.