අගලවත්ත , බදුරලිය මාර්ගයේ , ජිවරාණි හංදිය අසලදී සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගලවත්ත , පැළෑඳ ප්රදේශයේ පදිංචි චාමික ලක්ෂාන් නැමැති යතුරු පැදිය පැදවූ 22 හැවිරිදි තරුණයෙකි.
මොවුන් දෙදෙනා අගලවත්ත ප්රදේශයේ සිට බදුරලිය මාර්ගයේ බදුරලිය දෙසට ගමන් කරන විට යතුරු පැදිය මාර්ගයේ ලිස්සා ගොස් අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ .