විද්‍යා පීඨ වලට සිසුන් බදවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට.

ජාතික අධ්‍යාපන විද්‍යාපිඨ සදහා සිසුන් ඇතුළත් කිරීම මාර්ගගත (online) ක්‍රමයට පමණක් ඉදිරියට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රමය මගින් අයදුම්කරුවන්ට තමන් විද්‍යාපීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබේද, සුදුසුකම් ලබා ඇති පාඨමාලාව පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට සැලැස්වීම සදහා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.

නව දත්ත පද්ධතියක් සකස් කිරීමට නියමිත බවත්, අයදුම්කරුවන්ගේ සුදුසුකම් මත නුසුදුස්සන් ඉවත්වන ස්වයංක්‍රීය ක්‍රමවේදයක් සකස් කරන බවට එම නිළධාරීන් පවසා තිබේ.

මෙවර එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට තීරණය කර ඇත.

මෙම තීරණයට අයදුම්පත් කැදවීමට කැබිනට් අනුමැතිය ලද වහාම සිදු කිරීමට අමාත්‍යාංශය කටයුතු කිරීමට නියමිත බව සදහන්.

නව දත්ත පද්ධතිය සකස් කිරීම සදහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමට නියමිත බැවින් මේ සදහා කැබිනට් අනුමැතිය ලද වහාම ක්‍රියාත්මක වන බවට අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

Exit mobile version