ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම අද (05) සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අද පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර තිබේ.
අදාළ ලංසු ඉදිරිපත් කිරීම සජීවීව සිදුකිරීමට නියමිත අතර ඊට සහාය දැක්වීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ද පත්කර තිබේ.
ලංසු ඇගයීම් වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවට නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ අයෝජනයක් බලාපොරොත්තු වන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.