නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්රදානය අද (17) සිදුකළ බවට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
2018 වසරේ බඳවාගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිත බව සදහන්.
මේ වනවිට දිවයින පුරා හෙද සේවයේ 42,000ක සංඛ්‍යාවක් සේවය කරන අතර මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.