ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවට ඇය පෙන්වා දී තිබේ.
මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙම අදහස් පළ කළ බව සදහන්.