ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් නිකුත් කර ඇති අතර එය ගැසට්ටුවක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
මෙම ගැසට් පත්‍රයට අනුව බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යාංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඛනිජ තෙල් ආනයනය , අපනයනය , මෙරට තුළ විකිණීම , සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේ නම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතු බවත් , ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බවත් එම ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.