පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ඕනි ඕනි විදියට චක්‍රලේඛ නිකුත් කරන්න බෑ.

කිසියම් පාසලක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දුර්වල නම් එම අදාළ පාසලේ විදුහල්පතිවරයාගේ වාර්ෂික වැටුප් වැඩිවීම නොකරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛනයක් යවා ඇති අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න අද (24) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසූ බව වාර්තා වේ .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා ,

” පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කළ යුත්තේ පරිපාලන දේවල් මිසක් වෙනත් දේවල් නොවෙයි. මින් ඉදිරියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනු දැනුමකින් තොරව චක්‍රලේඛන ගහන්න බැහැ”

Exit mobile version