මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුලු පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ලබන 19 වැනිදා කැඳවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
පසුගිය පෙබරවාරි 15 වැනිදා අසාධාරණ ලෙස විදුලි බිල 60%කින් වැඩි කිරීමට ගත් ක්රියාමාර්ගය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම පෙත්සම් ගොනු කර තිබූ බව සදහන්.
මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවේ ප්රීති පද්මන් සුරසේන සමයවර්ධන යන ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.