තැපැල් මගින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙන බව වාර්තා වේ .
මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැකපිට පාර්සල් 25 ක කළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර එහිදී Methamphetamine අඩංගු Ecstasy නමැති මත්පෙති 2193ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1740ක් සහ Amphetamine ග්‍රෑම් 29ක් සොයාගෙන තිබේ.
මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 43කට ආසන්න බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ .
එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වෙත එවා තිබූ අතර ඒවා ව්‍යාජ ලිපිනයන් බවට වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබේ.
වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව ද වාර්තා වේ .